එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගයේ නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් පමණක් දැවී ලකුණු 344ක් ලබාගැනීමට සමත් වූවා.

කාසියේ වාසියේ දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 344ක් ලබාගත්තා.

එහිදි ශතක දෙකක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම සමත් වුවා.

ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 122ක්ද සධීර සමරවික්‍රම ලකුණු 108ක්ද ලබාගත්තා.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ලබාගත හැකි වූයේ ලකුණු 51ක් පමණයි.

ධනංජය සිල්වා ලකුණු 25ක්ටත් දසුන් ශානක ලකුණු 12කටත් දුනිත් වෙල්ලාලගේ ලකුණු 10කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී හසන් අලී කඩුලු හතරක්ද හරිස් රවුෆ් කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවා.

සහීන් ෂා අෆ්රිඩි, මොහොමඩ් නවාස් සහ සඩාබ් ඛාන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

ඒ අනුව තරගයෙන් ජයගැනීම සඳහා පාකිස්තානය නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 345ක් ලබාගතයුතු වනවා.

WhatsApp Group

Skip to content