සංචාරක පාකිස්තාන කණ්ඩායම සම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 45ක් අවසානයේ කඩුළු 5න් දැවී ලකුණු 221ක් රැස් කරගෙන සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 312ක්.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 91ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content