සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හා අවසන් දිනය අදයි.

සිව්වන දිනය සදහා තරගය නතර කරන විට ජයග්‍රාහී ලකුණු 131ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 48ක් ලබා සිටියා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රීලංකාව සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම පාකිස්තානය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 416ක් රැස් කළා.

අනතුරු සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 279ක් රැස් කළ අතර, ඒ අනුවයි පාකිස්තානයට ජයග්‍රහණය සදහා ලකුණු 131ක ඉලක්කයක් හිමි වුණේ.

පාකිස්තාන කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් අද දිනයේදී තවත් ලකුණු 83ක් ලබා ගත යුතු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් තවත් කඩුළු 7ක් දවාගත යුතු වනවා.

 

 

 

 

WhatsApp Group

Skip to content