සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

මෙම තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 10 කට පමණක් සීමා කරමින් තරගය නිමා කිරීමට සිදු වුණා.

ඊයේ පෙරවරු 10ට ආරම්භ කෙරුණු තරගය පෙරවරු 10.45 ට පමණ වර්ෂාව හේතුවෙන් නතර කළ අතර, අනතුරුව තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

මෙහිදී ක්‍රියාත්මක වූ පන්දුවාර 10 තුළදී පාකිස්තානය ලකුණු 33 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාවට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම දෙවන දිනය නිමා වන විට සිය පළමු ඉනිම සදහා පන්දුවාර 38යි පන්දු තුනක් අවසානයේ කඩුළු දෙකක් දැවී ලකුණු 178ක් ලබා සිටියා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 166ක්.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content