දකුණුදිග ඉරානයේ පාකිස්තාන දේශසීමාව අසළ පිහිටි සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේදී සටන්කාමී කණ්ඩායමක් විසින් සිදු කළ ප්‍රහාර දෙකකින් ඉරාන ආරක්ෂක නිලධාරීන් පස්දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ දෙවැනි විශාලතම ප්‍රාන්තය ලෙස සැලකෙන සිස්ටාන් බලුකිස්තාන ප්‍රාන්තයේ රාස්ක් සහ චබහාර් දේශසීමා මුරපොළ ඉලක්ක කරමින් එම ප්‍රහාර සිදු වී ඇති අතර, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ සහ ඉරාන පොලිසියේ නිලධාරින් පස්දෙනකු මිය ගිය අය අතර සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content