රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් රටේ මූල්‍ය කළමනාකරණය දිරිගැන්වීම සඳහා පාකිස්තාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කළ බව පාකිස්තාන ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පාකිස්තාන භාණ්ඩාගාරයට බරක් නොවීම අත්‍යාවශ්‍ය බව සැලකූ ජනාධිපතිවරයා තම වැටුප අත්හැරීමට කැමැත්තක් දැක්වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඊට සහාය පළකිරීමක් වශයෙන් අලුතින් දිවුරුම් දුන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොහ්සින් නක්වි ද ඔහුගේ සේවා කාලය තුළ වැටුපක් ලබා නොගැනීමට තීරණය කර ඇත.

 

WhatsApp Group

Skip to content