ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවයේ අයත් ගුවන් යානයකින් ඔවුන් අද උදෑසන දිවයිනට පැමිණි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණ තිබුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් පිටියේ දී පාකිස්ථානය සමග ටෙස්ට් තරග දෙකක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

WhatsApp Group

Skip to content