2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරඟය ආරම්භ කිරීමට පෙර සහ තරඟය ආරම්භ කළ පසු වර්ෂාවෙන් බාධා එල්ල වුවද නියමිත පන්දුවාර 20 ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුණා.
මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 119ක් රැස් කළා.
එහිදී රිෂාබ් පාන්ට් ලකුණු 42ක් සහ අක්සාර් පටෙල් ලකුණු 20ක් රැස් කිරීමටයි සමත් වුණේ.
පන්දු යැවීමේදී නසීම් ශාහ් ලකුණු 21කට කඩුලු 03ක්, හරිස් රවුෆ් ලකුණු 21ට කඩුලු 3ක් සහ මොහොමඩ් අමීර් ලකුණු 23ට කඩුලු 2ක් බිඳ හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 113ක් පමණයි.
පාකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොහොමඩ් රිස්වාන් ලකුණු 31ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රාහ් ලකුණු 14 කඩුලු 3ක් සහ හර්ඩික් පාන්ඩ්‍යා ලකුණු 24ට කඩුලු 2ක් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content