රට මුහුණ දෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින්ල තම වැටුප සහ සියලු ප්‍රතිලාභ අත්හැරීමට පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රමුඛ නව කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ආර්ථික අර්බුදය හේතුවෙන් අනවශ්‍ය වියදම් කප්පාදු කිරීමේ අරමුණින් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් සාමාජිකයන් සියලු දෙනා ඒකමතිකව මෙම තීරණය ගත් බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබෙනවා.

රජයේ මුදලින් සිදුවන විදෙස් සංචාර නැවැත්වීම සහ කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය අතරේ එකඟත්වයක් ඇති වුණා.

 

WhatsApp Group

Skip to content