ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි එම සංවිධානය පැවසුවේ.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටද නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, අයගම, කුරුවිට සහ පැල්මඩුල්ල යන ප්‍රදේශ සදහා නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

WhatsApp Group

Skip to content