රාථමික ශ්‍රේණිවල දරුවන් අධ්‍යයන කටයුතුවලට වඩා විෂය අධ්‍යාපන බාහිර හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වල වැඩි වශයෙන් නිරත කරවිය යුතු බවත් එහි දී ක්‍රිකට් ක්‍රීඩාව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල නිරත වීම මගින් දරුවන් තුළ සමබර පෞරුෂයක් ගොඩනැගෙන අතර එමගින් තුලනාත්මක හැකියාවන් සහිත දරුවකු බිහි කරගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇති ව නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 15න් පහළ හා 17න් පහළ ක්‍රිකට් තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ දැඩි පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරු ව කොවිඩ් සමයේ පාසල් වසා තිබූ කාල පරිච්ඡේදය තුළ මගහැරී තිබූ පාසල් ක්‍රීඩා තරග නිසි ලෙස පවත්වා අවසන් කිරීමට හැකි වූ බවයිග ඒ අනුව පාසල් සිසුන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් ව ඇති ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් නංවාලීම සඳහා අය-වැය ප්‍රතිපාදන මගින් වෙන් වී ඇති රුපියල් මිලියන 1000ක ප්‍රතිපාදන පාසල්වල ක්‍රීඩාංගණල ක්‍රීඩාගාර දියුණු කිරීමට හා ක්‍රීඩා භාණ්ඩ ලබා ගැනීම සඳහා ලබා දීමට ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියා කරන බවත් හෙතෙම මෙහි දී පැවසී යග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිපාදන හා සහාය ද ලබාගනිමින් විෂය බාහිර ක්‍රියාකාරකමක් වූ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට කටයුතු කරන බවත් රටට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කරන තෝතැන්න පාසල බවත් අමාත්‍යවරයා එහි දී පැවසී ය.

WhatsApp Group

Skip to content