දකුණු අප්‍රිකාවේ ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වන කේනන් ෆෝබ්ස් හෙවත් ඒ.කේ.ඒ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

ඩර්බන් නගරයේ ජනප්‍රිය අවන්හලක් අසළදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ඔහු සමඟ සිටි මිතුරෙකු ද මියගොස් ඇති බව සඳහන්.

ජනප්‍රිය ගීත ඇල්බම රැසක් නිකුත් කළ මොහු දකුණු අප්‍රිකාවේ සම්මාන රැසක් හිමිකරගත් ගායකයෙකු බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

35 හැවිරිදි ඔහුගේ නවතම ඇල්බමය වන මාස් කන්ටීර මේ මස අග දී නිකුත් කිරීමටයි නියමිතව තිබුණේ.

WhatsApp Group

Skip to content