වාණිජ සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල රාජ්‍ය සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රසාද දීමනා ගෙවීමට මහා භාණ්ඩාගාරය මුදල් ලබානොදෙන බවත් පෙර වසරේ බදු ගෙවීමෙන් පසු ඉපයූ ලාභයෙන් සියයට 30 ක ප්‍රමාණයක් ඒකාබද්ධ අරමුදලට ගෙවා ඇති රාජ්‍ය ආයතනවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබාදිය හැකි බවත් එහි දැක්වෙනවා.

එහෙත් ලාභ නොලබන රාජ්‍ය ව්‍යාපාරවල සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා නොදෙන ලෙස මහා භාණ්ඩාගාරය දැනුම් දී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content