මේ වන විට පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා කිහිපයක් වාර්තා වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ අක්‍රමිකතා කිහිපයක් සිදුවුවද ප්‍රශ්න පත්‍ර පිටවීමක් පිළිබද වාර්තා වී නොමැති බවයි.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.

ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවය ලෙස සැලකෙන්නේ විභාගය ආරම්භ වී පළමු පැය භාගය තුළ බවයි විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content