ප්‍රවීන පසුබිම් ගායිකා වානි ජයරාම් මියගොස් තිබෙනවා.

ඒ ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි ඇයගේ නිවසේදී යි.

ජයරාම් මියයන විට 78 වන වියේ පසුවූවා.

දෙමළ, තෙළිඟු, හින්දි, භෝජ්පුරි, මරාති, බංගලි සහ ඔඩියා ඇතුළු භාෂා 19කින් වානි ජයරාම් ගායනා කළ ගීත ප්‍රමාණය 10,000 කට අධික බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

වානි ජයරාම් පසුගිය වසරේ ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

හොඳම පසුබිම් ගායිකාවට හිමි ජාතික සම්මානයෙන් තුන් වරක් පිදුම් ලැබීමටද ඇය සමත් වූවා.

ඒ තමිල්නාඩු, කේරළ, මහාරාෂ්ට්‍ර, ගුජරාට් සහ ඔඩීෂා යන ප්‍රාන්ත සම්මානවලට අමතර‍ව යි.

WhatsApp Group

Skip to content