ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඕහුට පැනවීමේ දී, එය පසුගිය මාස හය ද ඇතුලත්ව පනවා තිබෙනවා.

ප්‍රවීන් ජයවික්‍රම දූෂණ විරෝධී සංග්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත්.

එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU මගින් සිදුකළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ඔහු ලක්ව සිටිනවා.

මෙම චෝදනා ඔහුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධයව එල්ල වී ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකඟතාවයකට පැමිණ, නීති සංග්‍රහයේ 1.7.4.1 සහ 1.8.1 වගන්තිවලට අනුව ක්‍රියා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content