ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පවුලේ ඥාතීන් කියා සිටියේ සුමින්ද සිරිසේන මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(04) උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි.

වසර 50කට අධික කාලයක් කලා ක්ෂේත්‍රෙය් විශිෂ්ඨ සේවාවක් සිදු කළ සුමින් සිරිසේන මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසු වූවා.

දෙදරු පියෙක් වන සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිත අතර දේහය ගම්පහ, ශ්‍රී බෝධි පාරේ අංක 29/3 දරණ නිවසට රැගෙන ඒමට නියමිත බව පවුලේ ඥාතීන් කියා සිටියා.

WhatsApp Group

Skip to content