ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෙක්ස් කොඩිප්පිලි යනු සිංහල සිනමාවේ දුෂ්ටයාට නව පණක් දුන් පුද්ගලයෙක් වනවා.

ඔහු රංගන ශිල්පියෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්, මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්ද වනවා .

ඔහු නිෂ්පාදනය කළ චිත්‍රපට අතර අහස් මාළිගා, බයිසිකලේ චිත්‍රපට ඇතුලත්.

රෙක්ස් කොඩිප්පිලි රණදෙරණ, කදිරා චිත්‍රපටවල නිෂ්පාදන අධිකාරි ලෙසත් කටයුතු කර තිබෙනවා.

රක්තා, මුවන්පැලැස්ස, උතුමාණෙනි, කොටි වලිගය, අහිමි දඩමං, හුලවාලි, චන්දිරා, සංඛපාලි, මරුවා සමග වාසේ ඔහු රගපෑ චිත්‍රපට කිහිපයක් වනවා.

එදා මෙදාතුර ඔහු චිත්‍රපට දෙසීය ඉක්මවා ඇති අතර ටෙලි නාට්‍ය ද විශාල සංඛ්‍යාවකට රංගනයෙන් එක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content