සම්මානනීය ජ්‍යෙෂ්ට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසුරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 83 වන වියෙහි පසුවුණා.

සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන කලංසුරිය මහතා සිනමා වංශ කතාවේ පෙම්වතාගේ භූමිකාවට නව ආරක් එක්කළා.

මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතු මුතු නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පෙවු අමරසිරි කලංසුරිය මහතා ඉමහත් රසික ආදරයට පත්වුණා.

චිත්‍රපට රැසකට විශිෂ්ට චරිතාංග නළුවෙකු ලෙස සිය දායකත්වය ලබා දුන් කලංසුරිය මහතා ජනාධිපති සහ සරසවි සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

අහස් ගව්ව, අක්කර පහ , අපේක්ෂා සහ බඹරු ඇවිත් යන චිත්‍රපට කලංසුරිය මහතා රංගනයෙන් දායක විශිෂ්ට නිර්මාන අතරින් කිහිපයක් වනවා.

ඒ අතරින් අක්කර පහ චිත්‍රපටයේ ගුණපාලගේ චරිතය සහ අපේක්ෂා චිත්‍රපටයේ නිමල්ගේ චරිතය ද රසික හදවත් තුළ සදා නොමැකෙනු ඇති.

WhatsApp Group

Skip to content