ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයට දැනුම් දී තිබෙනවා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

එහි අන්තර්ගත කරුණු සම්බන්ධයෙන් මෙලෙස විමර්ශනයක් සිදුකරන ලෙසයි ක්‍රිඩා වැරදි වැළැක්වීමේ විමර්ශන ඒකකයට දැනුම් දී ඇත්තේ.

අදාළ මාධ්‍ය නිවේදනය මගින් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා තරඟ පාවාදීම, දුෂණය , නීතිවිරෝධි මෙහෙයවීම පිළිබද කාරණා තමන් දන්නා බවට සිදුකර ඇති ප්‍රකාශයට බරපතල බවයි ක්‍රිඩා අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content