ප්‍රමුඛ පෙළ් චීන ආයෝජකයින් පිරිසක් ගවේෂණ චාරිකාවක් සදහා දිවයිනට පැමිණ තිබෙනවා.

අදාළ අයෝජකයින් පිරිස ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.

මෙරට ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබදව මෙහිදී චීන ව්‍යවසායකයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ , කෘෂිකර්මය , ඖෂධ , ආහාර සැකසුම් යන ක්ෂේත්‍ර ඒ අතර වැඩි අවස්ථාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content