පාසල් දරුවන් සඳහා බෙදාදීමට සැළසුම් කර තිබූ වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාවේ තිබූ සහල් තොග ප්‍රමිතියේ තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය චෝදනා කරනවා.
මෙම සහල් තොග ලෝක ආහාර සංවිධාන මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩසටහනට අදාළව රැගෙන විත් තිබූ බව සඳහන්.
අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content