2024 ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා ලකුණු හයක තියුණු හා පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ප්‍රේක්ෂකයින් 80,000 කට අධික පිරිසක් ඉදිරියේ අහ්මදාබාද්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 162 ක් පමණයි.

WhatsApp Group

Skip to content