එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පරදා කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට  සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ‍රලියානු කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 199ක්.

මෙහිදී ස්ටීවන් ස්මිත් ලකුණු 46 ක් හා ඩේවිඩ් වෝනර් ලකුණු 41 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 28 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා හා කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 2 ක් තුළ බිද වැටුණු පසුබිමකයි.

ඉෂාන් කිෂන්, රෝහිත් ෂර්මා හා ශ්‍රේයස් අයියර් එලෙස ලකුණු නොලබා දැවී ගියේ පන්දුවාර 2ක් පමණක් අවසන්ව තිබියදීයි.

කෙසේ වෙතත්, අනතුරුව විරාත් කෝලි සමගින් පිටියේ එක් වූ කේ එල් රාහුල් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 215 කින් ලකුණු 165ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

ඒ අනුව එහිදී විරාත් කෝලි ලකුණු 85 ක් රැස් කළ අතර, කේ.එල් රාහුල් නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 3 ක් හා මිචෙල් ස්ටක් කඩුල්ලක් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content