ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයින අශ්‍රිතව සවස් කාලයේ සහ රාත්‍රි කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර  100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙනු ඇති.

මේ අතර ඊයේ රාත්‍රියේ කොළඹට ඇඳහැලෙන ධාරානිපාත වාර්ෂාව හමුවේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටවී තිබුණා.

ආමර්වීදිය, තුම්මුල්ල හන්දිය සහ කිරුළපන ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවී තිබු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල වැලිමඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ ත්‍රියේදී එම මාර්ගයේ පුහුල්පොල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම දිවයිනේ දිස්ත්‍රික් පහක් සදහා නවා ඇති නායයාමේ අනතුරු ඇගවීම තවදුරටත් දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content