ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද පසවරු 1.30 සිට අද පස්වරු 11.30 තෙක් එම නිවේනදය වලංගු වන බවයි .

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීනවා .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටීනවා .

WhatsApp Group

Skip to content