ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.
ඒ, ගම්පහ, දාරළුව ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියක් අද පෙරවරුවේ එලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
මේ අතර මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොළඹ අතර ධාවනය වන සුඛෝපභෝගි බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මේ හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල , කටුනායක නිදහස් වෙළද කලාපය සහ කටුනායක ගුවන් භාණ්ඩ ගැල් ගම්මානය වෙත පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි අප කටුනායක වාර්තාකරු සදහන් කළේ.
හෙට පස්වරුව දක්වා වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
වර්ජනයේ නියතු බස් සංගම් නියෝජිතයින් සහ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි

 

WhatsApp Group

Skip to content