ප්‍රධාන දේශපාලන පක්ෂයක කළුතර පක්ෂ කාර්යාලයේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.

එහිදී වයස අවුරුදු 42ක් පමණ වූ කළුතර ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පක්ෂ කාර්යාලය පවත්වාගෙන ගිය නිවසේ භූගත බංකර් සකස්කර කසිප්පු ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම ස්ථානය හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදී කාමරයක් තුල භුගත බංකරක්ද සකස්කොට නවීන ක්‍රමයට පවත්වාගෙන ගිය කාමරයේ තිබී ගෝඩා මිලිලීටර් ලක්ෂ විස්සකට ආසන්න ප්‍රමාණයක් අඩංගු බැරල් 10 ක්, ප්ලාස්ටික් කෑන් 05 ක්, දඟර, ගෑස් ටැංකි ඇතුළු පෙරීමේ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content