ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තරමක තද සුළං ඇති විය හැකියි.

 

WhatsApp Group

Skip to content