මාරවිල සහ අක්කරපත්තුව යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා .

මාරවිල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා තවත් පුද්ගලයෙකුට උකස් කර තිබු රූපවාහිනි යන්ත්‍රයක් සහ ජංගම දුරකථනයක් නැවත බේරාගැනීමට ගිය අවස්ථාවේ ඇතිවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා .

ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මේ අතර අක්කරපත්තුව ප්‍රදේශයේ දී මත්පැන් පානය කළ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් සිදුවු පහරදීමකින් 39 හැවිරිදි අයෙකු මියගොස් ඇති බවද පොලිස් මුලස්ථානය සඳහන් කළා .

WhatsApp Group

Skip to content