ප්‍රදේශ දෙකකදී දියේ ගිලි කුඩා දරුවෙකු ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

හසලක වේරගංතොට ප්‍රදේශයෙන් මහවැලි ගගේ දියනෑමට ගිය වයස අවුරුදු 08 කුඩා දරුවෙකු මෙලෙස අතුරුදන්ව තිබුණා.

ඔහු සිය වැඩිමහල් සොහොයුරා සමග මහවැලි ගගේ දියනෑමට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම මාපිටිගම පාලම අසල කැළණි ගගේ නාන තොටුපලක දියනාමින් සිටි තරුණයෙකු ද දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.

ඔහු තවත් මිතුරන් පිරිසක් සමග ඊයේ පස්වරුවේ දියනෑමට ගොස් තිබුණා.

නවගමුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරනවා.

WhatsApp Group

Skip to content