අධික වර්ෂාවත් සමග ප්‍රදේශ තුනකට ගංවතුර අවදානමක් මතුව තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළු ගගෙහි කුඩා ගග උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

මේ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ බුලත්සිංහල , මදුරාවල හා පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවිමේ අවධානමක් මතුව තිබෙනවා.

WhatsApp Group

Skip to content