කොළඹ ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 06 සිට හෙට පෙරවරු 06 දක්වා මෙම ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.

අදාළ කාලය තුළ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩල නිවේදනය කළේ.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් මෙම ජල කප්පාදුව සිදුකිරීමට හේතුවී තිබෙනවා.

WhatsApp Group

Skip to content