දිවයිනේ ප්‍රදේශ රැසකට හෙට දිනයේ උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ වයඹ සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර, වවුනියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බවයි.

ඒ අනුව, උණුසුමට වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත්, තවදුරටත් ක්‍රියාකාම්වල නිරත වීම තුළින් විජලන තත්වයක් හෝ මස්පිඩු පෙරලීමද ඇතිවිය හැකි බවයි අදාළ නිවේදනයේ සඳහන් වන්නේ.

මෙම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා වැඩබිම් වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගත යුතු බවත් අදාළ උපදෙස් මාලාවේ සඳහන්.

එමෙන්ම, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් වන ලෙසත් කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙසත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය නිතුක් කළ උපදෙස් මාලාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

WhatsApp Group

Skip to content