විදුලි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දී ඇති විද්‍යුත් බිල්පත් ක්‍රමවේදය ප්‍රදේශ කිහිපයක් සඳහා මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබෙනවා .

එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසුවේ දෙහිවල, රත්මලාන, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මාතර සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා එම ක්‍රමය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවයි.

WhatsApp Group

Skip to content