ප්‍රදේශ කිහිපයකට සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ක`ඵ ගගේ අතු ගංඟාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල මෙලෙස සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ඒ අනුව ඉදිරි පැය 24 ක කාලය තුළ බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත් බිම්වල සු`ඵ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාර්තා වනවා.

එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන රියදුරන්ගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොටසක් ගංවතුර හේතුවෙන් යට වී තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහන සදහා කොක්මාදුව අන්තර් හුවමාරුවෙන් පිට වී වැලිගම සහ කනන්කේ වෙත ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙන බව සදහන්.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

මේ අතර ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

WhatsApp Group

Skip to content