අද දින දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් වැසි ස්වල්පයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

 

WhatsApp Group

Skip to content