බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ යන පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතිනවා.
ඒ අනුව අද දිනයේදී දහවල් 12:12 ට මාරවිල, පොතුහැර, ගුරුකැටේ, කල්මුණේ, ගර්තලවෙල සහ වරාපිටිය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනවා.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට