පලස්තීනයේ හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරවලට ගොඩබිමින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සදහා ඊශ්‍රායලය හමුදා භටයින් ලක්ෂ 3 ක ප්‍රමාණයක් ගාසා තීරය ආසන්නයට කැඳවා තිබෙනවා.

මෙම ප්‍රහාර එල්ල කිරීම සදහා අමෙරිකාවේද සහාය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ අතර ඊශ්‍රායලය විසින් අනතුරු ඇඟවීමකින් තොරව බෝම්බ ප්‍රහාර එල්ල කරන සෑම අවස්ථාවකම ප්‍රාණ ඇපකරුවන් එක් අයෙකු බැගින් මරා දමන බව හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එලෙස එල්ල කළ බෝම්බ ප්‍රහාර හමුවේ මේ වන විටත් ප්‍රාණ ඇපකරුවන් මරා දමා ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content