ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින රැස් වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 8.50 ක් ලෙස පෙර පැවති මට්ටමෙන්ම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇත්තේ උද්ධමනය සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින්.

WhatsApp Group

Skip to content