ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රතිපත්තිමය පොලී අනුපාතික අඩුකිරීමේ වාසිය, බැංකු මගින් ජනතාවට ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

බැංකු පොලී අඩුවුවහොත් නැවතත් ව්‍යාපාර සඳහා බැංකු මූල්‍ය පහසුකම් ලබාගැනීම වර්ධනය වී ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වෙනු ඇති බවයි මහා බැංකු අධිපතිවරයා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/06/NANDALAL-EDIT-01.mp3?_=1

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කලේ බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවා දැමීමට ද අපේක්ෂා කරන බව යි.

WhatsApp Group

Skip to content