ප්‍රතිජීවක ඖෂධයක් ලබා දීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා .

මේ සම්බන්ධ පරීක්ෂණයක් අද දිනයේදී පැවැත්වීමට නියමිත බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා සදහන් කලේ .

අදාළ ඖෂධය රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා .

මේ අතර මෙරට නිෂ්පාදිත ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ තුනක් භාවිතයෙන් ඉවත් කරන ලෙස ඊයේ දිනයේදී වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙනවා .

අදාළ ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වනවා.

මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට තහවුරු වී ඇති බව වාර්තා වුණා.

මේ පිලිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පර්යේෂණ වාර්තාවක් ද ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content