පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරණ වියදම් වාර්තා නියමිත පරිදි ලබා නොදුන් ජනාධිපති අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළවද අපේක්ෂකයෙකු විසින් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව අද පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ඡා කළා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වියදම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වුණේ දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ ද සහභාගිත්වයෙන්.

අපේක්ෂකයෙකු විසින් ඡන්ද දායකයෙකු වෙනුවෙන් වැය කළ හැකි මුදල් සීමාව පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ ලේඛන යළි දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යොමු කෙරෙනවා.

WhatsApp Group

Skip to content