දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා.

ඒ අනූව එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසයි වාහන හිමියන්ට පොලිසිය අවවාද කරන්නේ.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ එවැනි දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී බවයි.

WhatsApp Group

Skip to content