තවදුරටත් පවතින ප්‍රචණ්ඩකාරි සහ අවුල්සහගත තත්ත්වයන් හමුවේ හයිටියේ ප්‍රධාන වාරායේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබෙනවා.

හයිටි රාජ්‍යයේ පෝර්ට් ඔර් ප්‍රින්ස් නගරයට කඩාවැදී සන්නද්ධ කණ්ඩායම් වරායේ බහාලුම් කොල්ලකා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එමෙන්ම අදාළ නගරයේ ගුවන් තොටුපලට, පොලිස් ස්ථානවලට සහ බන්ධනාගාරයට ද සන්නද්ධ කල්ලි විසින් ප්‍රහාර එල්ල කර තිබුණා.

එමෙන්ම අදාළ නගරයට යොදවා ඇති හදිසි නීතියද මාසයකින් දීර්ඝ කිරීමටයි එරට බලධාරින් කටයුතු කර ඇත්තේ.

අදාල සන්නද්ධ කල්ලි බලකර සිටින්නේ හයිටියේ අගමැති ඒරියල් හෙන්රි වහාම ඉවත් කරන ලෙසයි.

WhatsApp Group

Skip to content