ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ සමත් වුණා.

ඒ ප්‍රංශයේ පියර් හියුග්ස් හර්බට් පරාජයට පත් කරමින්.

මෙහිදී 6 ට 4 ක්, 7 ට 6 ක් සහ 6 ට 4 ක් ලෙසයි ජොකොවිච් ජයග්‍රහණය කිරීමට සමත් වුණේ.

ඒ අනුව ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියේ දෙවැනි වටයේදී නොවැක් ජොකොවිච් ස්පාඤ්ඤයේ රොබර්ටෝ කාර්බල්ස් බේනා සමග තරඟ කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content