ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ.

මේ අතර නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන සමුඵවට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඵ ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපතිවරයා විසින් පසුගියදා ආරාධනයක් සිදු කර තිබුණා.

ඒ ආරාධනයට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද අදාළ සමුඵවට සහභාගි වුණා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් හට ද ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ආරාධනා කර සිටියා.

අදාළ ආරාධනයට අනුව ප්‍රංශ ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

මේ අනුව ද්විපාර්ශවිය සාකච්ඡා රැසක්ද පැවැත්වෙනු ඇති බව සදහන්.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් හෙට දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය බවටයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රෝන්ගේ විශේෂ ආරාධනයකට අනුව එරට ගෝලීය සමු`ඵව ඇමතීමට ගිය අවස්ථාවේදී ඔහු හට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

මේ අනුව කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබදව ද ප්‍රංශ ජනාධිපතිවරයා සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සදහන්.

මේ අතර ජපාන විදේුශ අමාත්‍යවරයා ද හෙට දින මෙරටට පැමිණෙනු ඇති බවටයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content