මිනිස් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා කරමින් ප්‍රංශයේ ගුවන් තොටුපොලක රඳවා ගෙන සිටි ගුවන් යානය ඉන්දියාවට පැමිණ තිබෙනවා.

මෙම ගුවන් යානයේ ඉන්දීය ජාතිකයන් 275 දෙනෙකු සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නිකරගුවා දක්වා පියාසර කරමින් තිබූ එයාර්බස් වර්ගයට අයත් මෙම ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහ පැරීසියට නැගෙනහිරින් පිහිටි ගුවන් තොටුපොලකට ගොබස්වා ඇති බව සඳහන්.

එහිදී ඇති වූ සැකයක් මත මෙම ගුවන්යානය පිටත්වීමට අවසර ලබා නොදී එම ගුවන් තොටුපොලේ රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් ගුවන් යානයට පිටව යාමට අවසර ලබා දීමෙන් පසු ගුවන් යානයේ සිටි පිරිසක් සරණාගතභාවය ඉල්ලා තිබෙනවා.
මෙහිදී ගුවන් යානයේ සිටි මිනිස් ජාවරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදී ගුවන් යානය පිටත්ව යාමට අවසරදුන් පසු මෙහි ගමනාන්තය වන නිකරගුවාවට යාම වෙනුවට ඉන්දියාවට ගොස් මුම්බාහී ගොඩ බැස්වීමට කටයුතු කිරීම ගැන සැක පළවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content