ප්‍රංශයේ උත්සන්න වී ඇති ප්‍රචන්ඩකාරී විරෝධතා හමුවේ පොලිසිය සමඟ ගැටුම් ඇති කරගත් 667 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් බහුතරය අවුරුදු 14ත් 18ත් අතර වයසේ පසුවන්නන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ගැටුම්වලින් මේ වන විට පොලිස් නිලධාරීන් 249 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා මෝටර් රථයක් ධාවනය කළ 17 හැවිරිදි පිරිමි ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවයි මෙම විරෝධතා හටගත්තේ .

 

WhatsApp Group

Skip to content