ප්‍රංශයේ අතිවු ප්‍රචන්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 667 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතරින් බහුතරයක් වයස අවුරුදු 14ත් 18ත් අතර පසුවන්නන් බවයි.

අදාළ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 249 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය වු මොටර් රථයක සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුවයි ප්‍රංශයේ ප්‍රචන්ඩකාරී තත්ත්වයක් මතුව තිබුණේ.

WhatsApp Group

Skip to content